අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Bill Crowder

බිල් ක්‍රවුඩර්

බිල් ක්‍රවුඩර් අපගේ දිනපතා භෝජනය සේවය සමග හවුල් වන්නේ වසර 20ට වැඩි කලක් දේවගැති සේවයේ නිරතවීමෙන් අනතුරුවය. බිල් ක්‍රවුඩර්, මාර්ට් ඩි හාන් සමග සමීපව වැඩ කරනු ලබන්නේ ඉගැන්වීම් අංශයේ උප සභාපතිවරයා ලෙසය. ඊට අමතරව බිල් ඔහුගේ බොහෝ කාලයක් වැය කරන්නේ ලොව වටා සිටින කිතුනු නායකයින් හට බයිබලය ඉගැන්වීමේ සේවයේ යෙදීමටය. ඔහු ඩිස්කවරි දැණුම පොත් පෙළට බොහෝ පොත් රචනා කර ඇති අතර ඩිස්කවරි හවුස් මගින් පොත් කීපයක් ප්‍රකාශයට පත් කර ද ඇත. බිල් සහ ඔහුගේ භාර්යාව මැර්ලීන් හට දරුවන් පස් දෙනෙකු සිටින අතර දරු මුනුපුරන් කීපදෙනෙකුද සිටින බව ඔබට පැවසීමට ඉතා උද්යෝගී වෙයි.

බිල් ක්‍රවුඩර් විසින් රචිත ලිපි

ජීවිතයට එන මකරුන් සමග සටන් කිරීම

ඔබ මකරෙකු සමග කවදා හෝ සටන් කර තිබෙනවාද? ඔබගේ පිළිතුර නැත යන්න නම් කර්තෘ ඉයුජින් පීටර්සන් ඔබ සමග එකඟවන්නේ නැත. එක දිසාවට දීර්ඝ කීකරුකම යන තම පොතෙහි ඔහු ලීවේ “මකරුන් යනු අපගේ බියයන්හි දිගුවක්” බවයි. අපට හානි කළ හැකි සියලු දේවල ගොඩ නැගීම්ය. තේජවන්ත මකරෙකු හමුවන ගැමියා සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වේ. පීටර්සන් කියන්නට උත්සාහ දරන්නේ ජීවිතය මකරුන්ගෙන් පිරී පවතින බවය. ජීවිතයට…

සමුගැනීම් සහ පිළිගැනීම්

මාගේ සහෝදර ඬේවිඩ් හෘදයාබාධයකින් හදිසියේ මිය ගිය විට මා ජීවිතය දෙස බැලීමේ විධිය විශාල ලෙස වෙනස් විය. දරුවන් හත් දෙනෙකුගෙන් සිව්වෙනියා ඔහුය. අප අතරින් පළමුවෙන් වෙන්වූයේද ඔහුය. බලාපොරොත්තු නොවූ එම වියෝවේ ස්වභාවය මට සිතීමට බොහෝ කාරණා දුන්නේය. අප වයස්ගත වන විට අපගේ පවුලේ ලැබීමට වඩා නැතිවීම විශාල වූ බව මට වැටහුණි. පිළිගැනීම් මෙන්ම සමු ගැනීම්ද ඇති බව මට තේරුම් ගියේය.…

උන්වහන්සේගේ මරණය ජීවනය ගෙන දෙයි

දකුණු අප්‍රිකාවේ දරුණුම සිරගෙදර රැඳවියන් අතර ඇය සේවය කරන කාලයේ, ජොඇන් ෆ්ලැන්ඩර්ස්-තෝමස් හදවත් පරිවර්තනය කරන්නාවූ ක්‍රිස්තුස්වහන්සේගේ බලය අත්දුටුවාය. ඇගේ අත්දැකීම පිලිප් යැන්සිගේ “Vanishing Grace” (අතුරුදහන්වන අනුග්‍රහය) නම් ග්‍රන්ථයේ මෙසේ සටහන් කර ඇත: “ජොඇනා දිනපතා සිරකරුවන් බැහැදකිමින් ඔවුන්ට සමාව සහ සමගිය පිළිබඳ සරල ශුභාරංචි පණිවුඩයක් ගෙන ආවාය. ඇය ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන, අපයෝජනයට ලක්වූ තමන්ගේ ළමාකාලයේ පීඩා ගැන කථාකිරීමට ඔවුන් පොළඹවා, ගැටළු…

වෛවර්ණ පෙරහැර

දශක ගණනාවකම සිට ලන්ඩනය ලෝකයේ ජාතීන් සම්මිශ්‍රණය වූ නගරයක්ව පවතී. 1933 දී ලේඛක ග්ලින් රොබර්ට්ස් එංගලන්තයේ ශ්‍රේෂ්ඨ අගනුවර ගැන ලීවේ “මා සිතන ලෙස ලන්ඩනයේ හොඳම දෙය ජාතීන්, වර්ණ සහ භාෂාවන්ය” යනුවෙනි. එම නගරයේ අදද මිශ්‍ර සුගන්ධය, ශබ්ද සහ ගෝලීය සමූහනයේ දර්ශන දක්නට තිබේ. ලෝකයේ ශ්‍රේෂ්ඨ නගරවලින් එකක ඇති විශ්මිත ආකර්ශණය නම් විවිධත්වයේ අලංකාරයයි.

මනුෂ්‍යයන් සිටින ඕනෑම නගරයක් මෙන් ලන්ඩනයද ප්‍රශ්න…

උන්වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍ය වී

සැකී මාමා යනු විද්වතෙක් වූ කෙනත් බේලිට මිතුරෙකුට වඩා ළංව සිටි කෙනෙකි. විශාල සහරා කාන්තාරයේ අභියෝගාත්මක ගමන් වලදී ඔහු බේලිගේ විශ්වාසවන්ත මග පෙන්වන්නා විය. සැකී මාමා අනුගමණය කළ බේලි පවසන්නේ ඔහු සහ ඔහුගේ කණ්ඩායම සැකී මාමා කෙරෙහි පූර්ණ විශ්වාසය තැබූ බවයි. කෙටියෙන් කියන්නේ නම් ඔවුන් කීවේ: “අපි යන පාර නොදනිමු. ඔබ අපව අතරමං කළහොත් අපි සියලු දෙනා මිය යන්නෙමු. අපි…

ප්‍රජා මතකය

චංචල ඇදහිල්ල නම් ග්‍රන්ථයේ කතෘ දේවධර්මාචාර්ය රිචඩ් මෝව් ලියා ඇත්තේ අතීතයේ පාඩම් මතක තබාගැනීමේ වැදගත්කම ගැනය.
ඔහු සමාජ විද්‍යාඥ රොබට් බෙලාගේ වචන උපුටා දක්වමින් “නීරෝගී ජාතීන් ‘මතක තබාගන්නා ප්‍රජාවන්’ විය යුතු යැයි සඳහන් කර ඇත. බෙලා එම මූලධර්මය පවුල් ඒකකය වැනි වෙනත් සමාජ බැඳීම් වලට ද ව්‍යාප්ත කළේය. මතක තබා ගැනීම සමාජය තුළ ජීවත්වීමේ වැදගත් අංගයකි.

සමාජීය මතකයේ වැදගත්කම දේව වචනයෙන්ද…

ගායනා විප්ලවය

කැරැල්ලක් මතු කිරීමට අවශ්‍ය කුමක්ද? තුවක්කුද? බෝම්බද? ගරිල්ලා සටන්ද? 1980 අවසන් භාගයේ එස්තෝනියාවට අවශ්‍ය වූයේ ගායනයය. දශක ගණනාවක් සෝවියට් ආක්‍රමණයේ “බර” යටතේ සෙනග ජීවත් වූ පසු දේශප්‍රේමී ගීත ගායනා කරන කණ්ඩායමක් බිහි විය. එය ගායනා විප්ලවය නමින් ප්‍රචලිත විය. 1991 එස්තෝනියානු නිදහස ලැබීමට එය ප්‍රධාන භූමිකාවක් ක්‍රියාත්මක කළේය.

මෙය අහිංසාවාදී විප්ලවයක් විය. නමුත් ඉතා කුරිරු පාලනයක් පෙරළා දැමීමට එයට හැකි…

විශ්මිත නිපුණත්වයන්

අපගේ විශ්ව විද්‍යාලයේ ගායනා කණ්ඩායමේ නායකයා පියානෝව වාදනය කරමින්ම කණ්ඩායම මෙහෙය වීය. ඔහු වගකීම් සියල්ල අනර්ඝ ලෙස සමතුලිත කළේය. එක් සන්දර්ශණයක් අවසානයේ ඔහු සෑහෙන වෙහෙසට පත්ව සිටින බව පෙණුන හෙයින් “ඔබ හොඳින්ද” කියා මම ඇසුවෙමි. “අද මට කවදාවත් නොකළ දෙයක් කරන්න සිදුවුනා” කියා ඔහු එය පැහැදිළි කළේය. “පියානෝවේ තාලයන් හොඳටම අවුල් වෙලා තිබුණේ. මම මුළු සංදර්ශණයම කළේ යතුරු දෙකකින්. මාගේ…

බලාපොරොත්තු නොවූ වෙනස

1943 ජනවාරියේ ඌෂ්ණාධික චයිනුක් සුළං දකුණු ඩැකෝටාවේ ස්පියර්ෆිෂ් ප්‍රදේශයට හැමුවේය. ඌෂ්ණත්වය ෆැරන්හයිට් ඍණ අංශක 4 සිට 45 දක්වා (සෙල්සියස් ඍණ 20 සිට 7 දක්වා) වැඩිවිය. එම භයංකාර කාලගුණ වෙනස එනම් අංශක 49 ක් නෙස් වීමට ගත වූයේ විනාඩි දෙකකි. එක්සත් ජනපදයේ පැය 24 ක් තුළ වැඩිම කාලගුණ වෙනස අංශක 103 කි. ඒ 1972 ජනවාරි 15 වන දින ලෝමා මොන්ටානා ප්‍රදේශයේ…

කුණාටු හඹායන්නෝ

වොරන් ෆයිඞ්ලීට අනුව කුණාටු හඹා යෑම වර්ඝ සැතපුම් දහස් ගණනක ක්‍රීයා කරන 3ඩී චෙස් ක්‍රීඩාවක් මෙනි. ඡායාරූප මාධ්‍යවේදී සහ කුණාටු හඹායන්නෙකු වන වොරන් පවසන්නේ “හරි ස්ථානයේ හරි වෙලාවට සිටීම, අනාවැකි කීම, මාර්ගය සෙවීම, සහ බෝලයක් තරමේ ගල්, වැලි කුණාටු සහ පාවෙන පොඩි උපකරණ වලින් බේරීම” ඊට අයත්වන බවය.

ෆයිඞ්ලිගේ වචන මාගේ ශරීරය දහඩියෙන් තෙත් කරයි. හදවත තදින් ස්පන්දනය කරයි. කුණාටු…